දොඩන්ගොඩ ප්‍රදේශයේ බේකරි සහ චූන් පාන් බේකරි නිෂ්පාදන අලෙවි රථ පරීක්ෂාවකින් අපිරිසිදුව පවත්වාගෙන ගිය බේකරි 12 ක අයිතිකරුවන් වෙත රතු නිවේදන නිකුත් කල බව දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙහිදී බේකරි 18 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එයින් බේකරි 12 ක පිටි සෞඛ්‍යආරක්‍ෂිත ලෙස ගබඩා නොකිරීම බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන තෙල් අපිරිසිදුව දුර්වර්ණව පැවතීම බේකරි පරිශ්‍රයන් අපිරිසිදුව පැවතීම වෛද්‍ය වාර්ථා නොමැති වීම සහ චූන් පාන් අලෙවි රථවල ඇතුලත අපිරිසිදුවීම යන වැරදි වලට මෙසේ රතු නිවේදන නිකුත් කර ඇත.
දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.වයි.කේ.අල්විස් මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකර තිබෙයි