466
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර ඇති රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙයි
හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහි නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි අධිකරණය එය නිෂ්ප්‍රභ කර ඇත.
රාජද්‍රෝහී චෝදනා යටතේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමේදී ෆෙඩරල් රජයේ කැමැත්ත ලබා ගැනීමට චෝදනා කරුවන් අපොහොසත් වී ඇති බව අධිකරණය පෙන්වා දී ඇත.
දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඉම්රාන් ඛාන් මේ වනවිට වසර 3ක සිරදඩුවමකට ලක්ව සිටින අතර වසර 5ක කාලයක් දක්වා ඔහුට දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් වේ