Home » නියඟය දරුණුයි පුත්තලමේ පෙදෙස් රැසකට පානීය ජලය බෙදීම ඇරඹේ

නියඟය දරුණුයි පුත්තලමේ පෙදෙස් රැසකට පානීය ජලය බෙදීම ඇරඹේ

by gayan
August 26, 2023 1:00 am 0 comment

නියඟය දරුණු වීමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ තුනක ජනතාව වෙත පානීය ජලය බෙදාහැරීම ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා පවසයි.

මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, නවගත්තේගම හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් වසම් තුනක පවුල් 370ක පුද්ගලයින් 1125ක් වෙත පළමුව ජලය බෙදාදීම ආරම්භ කර ඇත.

ඒ සමඟම මේ වන විට නියඟයේ බලපෑමට ලක්වූ පවුල් 953ක් හඳුනාගෙන ඇති බවත් එහි පුද්ගලයින් 2924 දෙනෙකු සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මෙම පානීය ජලය බෙදාදීම සඳහා ආපදා සහන සේවා දෙපාර්තුමේන්තුව මඟින් ලබා දී ඇති ජල බවුසර් යොදාගෙන ඇති අතර, එය අදාළ ප්‍රදේශවල ආපදා සහන සේවා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවන බව දිස්ත්‍රික් සහන සේවා නිලධාරි චමින්ද කුමාර මහතා පවසයි. ඉදිරියේදී නියඟය දරුණු වුවහොත් අනෙක් ප්‍රදේශ වෙත ද ජලය බෙදා හැරීමට අදාළ කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT