රජයට තීරුබදු අහිමි කරමින් විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි තොගයක් හොර රහසේ සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් 2023.08.24 වන දින සවස 06ට පමණ ගාල්ල වරාය පොලිස් වසමේ මාතර පාර, මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහි දී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි 11,600ක් සන්තකයේ තබාගෙන සිටි මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශනදකුණු පළාත් සංචාරක එස්. දියගහගේ