Wednesday, April 23, 2025
Home » රන්දෝලි පෙර­හ­රත් ඇරඹේ

රන්දෝලි පෙර­හ­රත් ඇරඹේ

දළදා සමි­ඳුන්ට මී පැණි පූජාව අද

by gayan
August 26, 2023 1:00 am 0 comment

මහ­නු­වර ඇසළ මංග­ල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙර­හර අද (26) වීදි සංචා­රය කරයි. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව රාත්‍රී 7.26ට පිටත් වන පෙර­හර දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදියේ ගමන් කර යළි ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට නිය­මි­තය
දෙවැනි රන්දෝලි පෙර­හර හෙට (27) දළදා මාලි­ගාව ඉදි­රි­පි­ටින් රාත්‍රී 6.46ට පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට නිය­මිත බව දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පව­සයි. රන්දෝලි පෙර­හර අද (26) සිට පුරා දින පහක් වීදි සංචා­රය කරන අතර, අව­සන් රන්දෝලි මහ පෙර­හර දෙකේදී සධා­තුක කර­ඬුව වැඩම කරන මංගල හස්ති­රා­ජයා පාවඩ මතින් උඩු­වි­යන් සහි­තව ගමන් කිරිම විශේ­ෂ­ත්ව­යකි.

අසේල කුරු­ළු­වංශ


දළදා සමි­ඳුන්ට මී පැණි පූජාව අද
දඹානේ ආදි­වාසි ජන­තාව ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා වාර්ෂි­කව සිදු කරන මී පැණි පූජාව අද (26) දළදා මාලි­ගාවේ දී සිදු කෙරෙයි. වැදි නායක ඌරු­ව­රිගේ වන්නි­යලෑ ඇත්තෝ තන් ප්‍රමුඛ ආදි­වා­සීන් 30 දෙන­කු­ගෙන් පමණ සම­න්විත කණ්ඩා­ය­මක් මී පැණි පූජාව සඳහා පැමි­ණෙනු ඇත. දඹාන ආශ්‍රිත වන­යෙන් සොයා­ගන්නා මී පැණි දළදා වහන්සේ වෙත පූජා කිරීම දශක ගණ­නා­වක් තිස්සේ ආදි­වා­සීන් විසින් සිදු කරනු ලබන්නේ ප්‍රථම රන්දෝලි පෙර­හර වීදි සංචා­රය කරන දින­යේ­දීය. මේ මී පැණි දළදා වහන්සේ විෂ­ය­යෙහි දෛනි­කව සිදු කෙරෙන පූජා කට­යු­තු­ව­ලදී භාවිත කෙරෙන අතර, මී පැණි පූජා­වෙන් පසු වැදි නායක වන්නි­යලෑ ඇත්තන් ඇතුළු ආදි­වාසි කණ්ඩා­යම යළි දඹාන වෙත ගමන් ගන්නේ ප්‍රථම රන්දෝලි පෙර­හර නැර­ඹී­මෙන් අන­තු­රු­වය.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT