414
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලට සහභාගි වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මේ මස 18 දා සිට 27 දා දක්වා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ඍජුවම සම්බන්ධ වූ සියලු විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මේ නිවාඩුව හිමි වේ.
මේ රාජකාරි නිවාඩු අනුමත කරගැනීම සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට, තම පැමිණීමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.
සන්ධ්‍යා කරුණාරත්න