- මළ සිරුර දියතලාව රෝහලට
- සැකකරු දුම්රියේ නැඟ පලායන්නට ඇතැයි සැක
- ඇටම්පිටිය කැන්දගොල්ල පදිංචිකාරියක්
බණ්ඩාරවෙල නගරයේ ලැගුම්හලක කාමරයක ඇඳක් මත තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබියදී බණ්ඩාරවෙල පොලිසිය සොයාගත් තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය විසින් පෙරේදා (24) පස්වරුවේ මළ සිරුර තිබූ ස්ථානයට ගොස් පැවැත්වීය.
ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී තුෂාරිකා ද සිල්වා (40) නැමති තිදරු මවක් මෙසේ ඇයගේ දෙවන විවාහයේ සැමියා විසින් ඝාතනය කර ඇති බව පොලිසිය කීය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර දියතලාව රෝහලට යවා එහි අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
මේ කාන්තාව මීට පෙර විවාහ වී අවුරුදු 20ක දියණියක සිටින බවත්, පසුව එම විවාහයෙන් අනතුරුව මැය කැලණිය ගෝනමල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු සිටින බවත් පොලිසිය පැවසීය.
ඇය එම දෙවන විවාහයෙන් පසුව සැමියා, දරුවන් දෙදෙනා සමඟ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත්, පසුව එම නිෙවසේ සිටීමට නොහැකි බව පවසා මැය දරුවන් සමඟ ඇටම්පිටිය කැන්දගොල්ල නිෙවසට පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මේ ඝාතනය කළ බව කියන ඇගේ දෙවන විවාහයේ සැමියා පසුගියදා (23) දහවල් 12.00ට පමණ බණ්ඩාරවෙල නගරයේ පිහිටි මේ ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන නතර වී සිට ඇති අතර, පසුදින (24) උදෑසන 8.00ට පමණ මේ කාන්තාව එම ලැගුම්හලට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
සිය බිරිය පැමිණි බව මොහු ලැගුම්හලේ සේවකයන්ට පවසා ඇති බවත් කාමරයේ සිටි මේ යුවළ පසුව බණ්ඩාරවෙල නගරයට ගොස් යළි පෙරවරු 11.00ට පමණ කාමරයට පැමිණ සිට ඇති බවත් පොලිසිය පැවසීය. එසේ සිටියදී පෙරේදා (24) පස්වරු 4.00ට පමණ පමණ මොහු නෝනාට කෑම එකක් ගේන්න යන බව කියා ලැගුම්හලේ සේවකයන්ටත් කියා කලබලයෙන් ලැගුම්හලෙන් පිටවී ගොස් ඇති අතර, මත්පැන් පානය කර එම ගඳ වහනය වීම නිසාවෙන් ලැගුම්හලේ සේවකයකුට සැකසිතී ඔවුන් නැවතී සිටි කාමරයට ගොස් බැලීමේදී කාමරයේ දොර බාගෙට විවෘත කර කාමරයේ ඇඳ මත බෙඩ්ෂීට් එකකින් ඔතා දමා ලේ ගොඩක් මත තිබූ මළසිරුර දැක පොලිසියට දැනුම් දුන් බවද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
කාමරයෙන් කෘමිනාශක ගඳක් වහනය වෙමින් තිබූ බවත්, වමනය ද තිබී ඇති අතර, සැමියා විසින් ලියා තිබූ බව කියන ලිපියක් කාන්තාවගේ මළ සිරුර තිබූ ඇඳ මත තිබිණැයි පොලිසිය පැවසීය .
සැකකරු කාන්තාවගේ ගෙල ප්‍රදේශයට සහ උදරයට පිහියකින් ඇන කපා කොටා දමා තිබූ බවත්, ඝාතනයට යොදා ගත් පිහිය එම ලැගුම්හලේ කාමරයේ ඇඳ යට තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය.
බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ÒලයිගාÓ පොලිස් නිල සුනඛයාගේ සහාය මත පෙරේදා (24) පස්වරුවේ පරීක්ෂණ කළ අතර, සැකකරු ලැගුහලේ කාමරයේදී කාන්තාව ඝාතනය කර පසුව බණ්ඩාරවෙල නගරයේ බස්රථ නැවතුම්පොළ දෙසින් දුම්රිය ස්ථානය දෙසට ගොස් ඇති බවට පොලිස් නිල සුනඛ ÒලයිගාÓ මාර්ගයෙන් අනාවරණය කර ගැනීමට හැකිවිණැයි පොලිසිය පවසයි.
සැකකරු දුම්රියේ නැඟ පලායන්නට ඇතැයි පොලිසිය සැක කරයි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි බී. ඇම්. ඇම්. දසනායක, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කලණසිරි මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. කේ. බණ්ඩාර මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සී. ගමගේ – සොරණාතොට සමූහ
ජායාරූප සොරණාතොට සමූහ සී. ගමගේ