Home » ෆුකුෂිමා අපජලය මුදා හැරීමට විරෝධය පා චීනයෙන් ජපානයට මුහුදු ආහාර තහනමක්

ෆුකුෂිමා අපජලය මුදා හැරීමට විරෝධය පා චීනයෙන් ජපානයට මුහුදු ආහාර තහනමක්

by gayan
August 26, 2023 1:00 am 0 comment

ආන්දෝලනයට තුඩු දී ඇති ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට විරෝධය පාමින් ජපානයෙන් ආනයනය කරනු ලබන මුහුදු ආහාර තහනම් කිරීමට චීනය ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ අපජලය පැසිෆික් සාගරයට මුදා හැරීම හානිදායක නොවන බවට එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අනුමැතිය ලැබී තිබුණද, චීනය ඊට විරෝධය දක්වා ඇත්තේ සාගර දූෂණය, ආහාර සුරක්ෂිතතාව හා මහජන සෞඛ්‍ය ආරක්ෂාවට එය තර්ජනයක් බව අවධාරණය කරමිනි.

ජපානය සුනාමි ව්‍යසනයකින් විනාශයට පත්වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය මුළුමනින්ම ඉවත් කිරීමේ දුෂ්කර හා දිගුකාලීන ක්‍රියාවලියක නිරතව සිටින අතර, අපජලය පිරුණු විශාල ටැංකි දහසකට වැඩි සංඛ්‍යාවක ජලය ද ඉවත් කිරීමට සිදු වී තිබේ. එම න්‍යෂ්ටික බලාගාරයට ඉන්ධන සපයනු ලබන නළ සිසිල් කිරීම සඳහා විශාල වශයෙන් ජලය භාවිත කරන අතර, දෛනික මහ පරිමාණයෙන් අපජලය එක්රැස් වේ. මේ වන විට ඉවත් කිරීම ආරම්භ කර ඇත්තේ එමගින් ටැංකිවල එක්රැස් වු අපජලය බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT