Home »  ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ දැරීමේ චෝදනා එල්ල වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට භාර වෙයි

 ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ දැරීමේ චෝදනා එල්ල වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට භාර වෙයි

මිනිත්තු 20කට බන්ධනාගාරගත කරලා

by gayan
August 26, 2023 1:00 am 0 comment

වසර 2020 ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට බලපෑම් කිරීම ඇතුළුව චෝදනා රැසක් එල්ල වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ එම ප්‍රාන්ත අධිකරණයට භාර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිකරණයට භාර වීමෙන් පසු ඔහු එම ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට ගෙන යනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා මත අත්අඩංගුවට පත් වූ සිවුවැනි අවස්ථාව වන අතර, පොලිස් වාර්තා සඳහා ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව වේ. ඒ අනුව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු පොලිස් වාර්තා සඳහා ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්විය.

ට්‍රම්ප් බන්ධනාගාරයට ගෙන යනු ලැබුවේ ඔහු මේ වසරේදී අධිකරණයේ පෙනී සිටීමට භාවිත කළ ප්‍රමාණයට වඩා අඩු රථ පෙළකින් වන අතර, බන්ධනාගාරය අවට ට්‍රම්ප් හිතවාදීන් විශාල පිරිසක් ද රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිනිත්තු 20ක කාලයක් බන්ධනාගාරගත වී සිටි ට්‍රම්ප් ඩොලර් ලක්ෂ දෙකක ඇපයක් මත නිදහස් කර ඇති අතර, ඉදිරියේදි එම නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.

බන්ධනාගාරගත කිරීමෙන් පසු ගනු ලැබූ ට්‍රම්ප්ගේ ඡායාරූපය සහ තොරතුරු සැණින් එහි වෙබ් අඩවියට ද මුදා හැර තිබිණි. එහි සඳහන් වූයේ අඩි 6කුත්, අඟල් 3ක් උසැති සුදු පැහැති පිරිමි පුද්ගලයෙකි.බර කිලෝග්‍රෑම් 97යි. නිල් ඇස් සහිත දුඹුරු හෝ ස්ට්‍රෝබෙරි පැහැයට හුරු හිසකෙස්. ඔහුගේ රැඳවුම් අංකය P01135809 ලෙස සටහන් වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT