Home » පින්නවල අලින්ට කෙළි සෙල්ලම් කර දිය නෑමට තරම් වතුර මා ඔයේ නෑ

පින්නවල අලින්ට කෙළි සෙල්ලම් කර දිය නෑමට තරම් වතුර මා ඔයේ නෑ

by mahesh
August 25, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

මේ දිනවල පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් මහජනයා මෙන්ම කැලෑවල සිටින වන සතුන් ද ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති. කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන අලි ඇතුන් සෑම දිනකම පෙරවරුවේ පින්නවල අලි අනාථාගාරය ආසන්නයෙන් ගලා බසින මා ඔයට දිය නෑමටත් වතුර බීමටත් රැගෙන යති. තද පෑවිල්ල නිසා මා ඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් මේ දිනවල පහත වැටී ඇති අතර අලින්ට දිය නෑමට මෙන්ම ඉදිරියේදී බීමට ද ජලය ගැටලුවක්ව විය හැකි බව පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පැවසීය.

24 වැනිදා සුපුරුදු පරිදි අලි අනාථාගාරයේ වෙසෙන අලි මාඔයට රැගෙන ගොස් තිබුණු අතර, කෙළි සෙල්ලම් කර දිය නෑමට තරම් වතුර මා ඔයේ දක්නට නොතිබුණි. මා ඔය වියළී ගොස් ගල් තැනිතලා මතු වී ඇති අයුරු ජායාරූපයෙන් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT