Home » මුළු දිවයිනටම සාම විනිසුරු පන්සලේ රේඩියෝවයි මයික් එකයි උස්සලා

මුළු දිවයිනටම සාම විනිසුරු පන්සලේ රේඩියෝවයි මයික් එකයි උස්සලා

ජංගම දුරකතනය මඟ වැටී තිබී සොරා මාට්ටු

by mahesh
August 25, 2023 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

ගමේ විහාරස්ථානයේ හාමුදුරුවන් සමඟ අමනාපයක් ඇති කර ගත් දායක සභාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු හාමුදුරුවන්ගේ කටවහන්නම්කෝ කියා රාත්‍රීයේ බණ මඩුවට ඇතුළුව උදෑසන ගමටම පිරිත් දාන ගුවන්විදුලි යන්ත්‍රය, මයික් එක සමඟ උපකරණ සොරාගෙන ගොස් තිබියදී පුපුරැස්ස පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාර වරයෙකු හා ක්‍රියාකාරී මහජන සේවකයෙකු ද වන මොහු හුණුගල බෞද්ධ මධ්‍යස්ථානයේ දේපොළ මෙසේ සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි. මොහු මෙම උපකරණ සොරා ගෙන යන ගමන් විහාරස්ථානයේ තිබූ කොස් ලෑලි පහක් රැගෙන ගොස් තිබියදී ඒවා ද සොයා ගෙන ඇත.

සොරකම සිදු කරන අවස්ථාවේදී බණ මඩුව තුළ ඔහුගේ ජංගම දුරකතනය බිම වැටී තිබියදී පසුව එය හාමුදුරුවන්ට හමුවීමත් සමඟ මෙම සොරකම සිදු කළ අය හඳුනාගෙන තිබේ.

මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT