Home » පුටින්ගෙන් වැග්නර් නායක වෙනුවෙන් ශෝක ප්‍රකාශයක්

පුටින්ගෙන් වැග්නර් නායක වෙනුවෙන් ශෝක ප්‍රකාශයක්

by yasara
August 25, 2023 10:12 am 0 comment

putin

වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්   මාධ්‍යට අදහස් දැක්වීමක් සිදු කර තිබෙයි.

යෙව්ගෙනි ප්‍රිගොෂින් මරණ සම්බන්ධයෙන් පුටින් තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කිරීමට ද ජනාධිපති පුටින් අමතක නොකළේය.

යෙව්ගෙනි ප්‍රිගොෂින්, කලක් පුටින්ගේ සමීපතමයෙකි. මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට, රුසියානු රජයට සහ හමුදාවට අභියෝගයක් විය. ඒ, රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරමිණි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුටින්ටය.

පුටින්, යෙව්ගෙනි ප්‍රිගොෂින් ඝාතනය කළේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා අනුමාන කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT