Tuesday, April 22, 2025
Home » කුලියාපිටිය වෙඩි තැබීමක්-එක් අයෙකුට තුවාල

කුලියාපිටිය වෙඩි තැබීමක්-එක් අයෙකුට තුවාල

by yasara
August 25, 2023 8:39 am 0 comment

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය සඳහන් කරයි .

මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (49)හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම කුමක් අරමුණු කරගෙන සිදු කළේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT