Home » අතුරු තහනම් නියෝගය ගැන ප්‍රතිපත්තියක් ඕනෑ නම් තීරණයක් ගන්න සූදානම්

අතුරු තහනම් නියෝගය ගැන ප්‍රතිපත්තියක් ඕනෑ නම් තීරණයක් ගන්න සූදානම්

සුසිල්ගේ ඉල්ලීමට විජයදාසගෙන් යහපත් ප්‍රතිචාර

by mahesh
August 25, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

අධිකරණ මඟින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බව අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අතුරු තහනම් නියෝගවලට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස සභානායක, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් කළ ඉල්ලීමකින් පසුවය.

සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා:

ගුරුවරුන් බඳවාගැනීමට තරග විභාගයක් පවත්වන්න ගියාම පිරිසක් අධිකරණයට ගියා. ඉඩම් නඩුවක් නෙමෙයිනෙ. ඉඩම් නඩුවක් නම් පරම්පාර තුනක් හතරක් යා හැකියි. නමුත් මේක දරුවන්ට ගුරුවරුන් දෙන වැඩක් කියලා සියලු පාර්ශ්වකරුවන් දැනගත යුතුයි. ඒ සඳහා වසර තුනක පමණ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අතරු තහනම් නියගෙයක් වසර තුන හතරක් දෙන්න බැහැ. මේ නිසා අපහසුතාවන්ට ලක්වෙන්නෙ දරුවන්. අතුරු තහනම් නියෝග සඳහා නිශ්චිත දින නියම කරන්න සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙනා යුතුයි. දරුවන්ට වෙන අසාධාරණය ගැන කවරුත් කතා කරන්නේ නැහැ. පාර්ලිමේනතුව නීති සම්පාදනය කරන තැන. අධිකරණය කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමයි.ඒ සංශෝධනපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණ ඇමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:

අධිකරණ මඟින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT