Sunday, April 20, 2025
Home » කොම්පඤ්ඤ වීදියේ ලක්ෂ තිහේ නිවාස වංචාවේ පුද්ගලයා රිමාන්ඩ්

කොම්පඤ්ඤ වීදියේ ලක්ෂ තිහේ නිවාස වංචාවේ පුද්ගලයා රිමාන්ඩ්

by mahesh
August 25, 2023 1:00 am 0 comment

චන්දන ජයවීර

ඉන්දීය ටාටා ආයතනය කොම්පඤ්ඤ වීදියේ ඉදිකරන මහල් නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් ලබා දෙන පොරොන්දුව මත අත්තිකාරමක් ලෙස කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ මොරටුව, ලක්ෂපතියේ අශෝක සිසිර කුමාර (අවු:49) නමැති සැකකරුවකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (24) නියෝග කළේය.

මාලිගාවත්තේ ෆාතිමා සිහානා ඉමාම්දින් නමැති තැනැත්තියක කළ පැමිණිල්ලක් අනුව සැකකරු වංචා විමර්ශන කාර්යාංශය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරු මෙයට පෙර ද නිවාස ව්‍යාපෘති කිහිපයක නිවෙස් ලබා දෙන බව පවසා තැනැත්තන් ගණනාවක් රවටා මුදල් වංචා කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය කූට ලේඛන සකස් කිරීම හා මුදල් වංචා සම්බන්ධයෙන් සැකකරුට වෙනත් අධිකරණවල ද නඩු පවතින බව පැමිණිල්ල පෙන්වා දුන්නේය

කරුණු සලකා බැලූ අධිකරණය සැප්තැම්බර් මස 7දා දක්වා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. නඩුව එදින යළි කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT