Tuesday, April 22, 2025
Home » ගෙවුණු දශකයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගනී

ගෙවුණු දශකයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගනී

by chanaka
August 25, 2023 11:35 am 0 comment

ගෙවුණු දස වසර තුළ රටවල් 152 ක් හා ජාත්‍යන්තර සංවිධාන 32 ක් සමග චීනය ‘එක් තීරයක් එක් මාවතක්’ සහයෝගිතා ලේඛන 200 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇත. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවලින් 83% ක් ඉන් ආවරණය කෙරෙන බව, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටු සංඛ්‍යාලේඛනයේ දැක්වෙයි.

මෙම කාලය තුළ ‘එක් තීරයක් එක් මාවතක්’ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් පොදු සංවර්ධනයේ ඉලක්ක සාක්ෂාත් කර ගෙන තිබීම ද විශේෂත්වයකි. ඒ සඳහා පහසු ප්‍රවේශයන් ද විවෘත වී ඇත. චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය, බටහිර චීනයේ නව ගොඩබිම්-මුහුදු කොරිඩෝව, චීන-ලාඕස දුම්රිය මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව මෙමගින් සංවර්ධනය කර තිබේ.

එමෙන්ම ආයෝජන හා වෙළඳ මට්ටම ද අඛණ්ඩව දියුණු වෙමින් පවතී. 2013 වසරේ සිට 2022 වසර දක්වා චීනය හා මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ රටවල් අතර භාණ්ඩ වෙළඳාමේ ආනයන අපනයන ප්‍රමාණය හා මූල්‍ය නොවන ඍජු ආයෝජන ප්‍රමාණයේ වාර්ෂික වර්ධන අනුපාතය පිළිවෙළින් 8.6 %ක් හා 5.8% ක් ලෙස වාර්තා වී ඇත.

ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධය තහවුරු වීම ද කැපීපෙනෙන ලෙස වැඩිදියුණු වී ඇත. චීන සමාගම් විසින් අදාළ රටවල ස්ථාපිත කරන ලද ආර්ථික හා වෙළඳ සහයෝගිතා කලාප මගින් රැකියා ලක්ෂ 4.21ක් පමණ නිර්මාණය කිරීමට හැකිවීම ද සුවිශේෂ ජයග්‍රහණයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT