මෙරට රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය අසූඅටදහසක් සිටිය යුතු වුවත් මේ වන විට සක්‍රිය සේවයේ යෙදී සිටින්නේ තිස්දහසක පමණ හෙද කාර්ය මණ්ඩලයක් පමණයි. මේ වන විට විභාගය සමත්ව නිවෙස්වලට වී සිටින හෙද හෙදියන් 2300ක් පමණ පිරිස හා හෙද උපාධිය ගත් 495ක් නිවෙස්වල සිටින අවස්ථාවකයි. මෙයින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දී තිබෙන්නේ දාහකට විතරයි. දැඩි හෙද හිඟයක් තිබියදීත් සෞඛ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය කණ්ඩායමක් වන හෙද හෙදියන් බඳවා නොගන්නේ සිටින සීමිත පිරිසට අධික ලෙස රාජකාරි පවරා අතපසුවීම්, මඟහැරීම් වෙන්න හැර හෙද සේවාව දිය කර හැරීමේ කුමන්ත්‍රණයක් බවට අපට සැකයක් තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය.ඔහු එසේ පැවසුවේ ඉකුත්දා රත්නපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් හෙද හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳව ආරච්චි මහතා –
දැනට සේවයේ යෙදී සිටින පිරිසෙන් 95%ක්ම නියෝජනය කරන්නේ කාන්තාවන් නිසා ඔවුන්ට දරු ප්‍රසූතිය, දරුවන් බලා ගැනීම ආදි කටයුතු වෙනුවෙන් බැහැර ගියාම, ඒ අයගේ රාජකාරිත් ඉන්න පිරිසට කරන්න සිදු වී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මානව සම්පත විශාල ලෙස ක්ෂයවීමත් සමඟ මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නිසි ලෙස ලබාදීමට ඇති හැකියාව ඇහිරී තිබෙනවා. පහුගිය කාලය පුරාම ඔෂධ හිඟය හා වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟය නිසා ජනතාවට විශාල ගැටලුවලට මුහුණ පාන්න සිදු වී තිබෙනවා. මේ නිසා එක් හෙදියකට අවශ්‍ය පමණට වඩා රෝගින්ට ප්‍රතිකාර කරන්න සිදුව තිබෙනවා.රෝහල්වලට එන රෝගීන් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මේකත් එක්ක දැඩි පීඩනයකින් තමයි සේවාව දෙන්න සිදු වී තිබෙන්නේ.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී.මැදිවත්ත මහතා-
අපේ රටේ වැඩියෙන්ම මිය යන්නේ හෘද රෝගීන්.මේ තත්ත්වය 2022දී 22.66%ක් අතිවිශාල ප්‍රමාණයක් මිය යන හෘද රෝගීන්ට අදටත් රෝහල්වලින් අත්‍යාවශ්‍ය ඖෂධ කීපයක් ලබා ගැනීමට හැකියාවක් නෑ. රෝගීන්ට බෙහෙත් පහක් ලිව්වොත් හතරක් නෑ. මේ තත්ත්වයත් එක්ක රෝගීන්ට සිදු වී තිබෙනවා දෙන බෙහෙත් ටික පාවිච්චි කරන්න. මේ තත්ත්වය නිසා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් මිය යනවා.
ඔස්ට්‍රේලියාව වැනි විදෙස් රටවල හෙද නිලධාරියකුට රුපියල් ලක්ෂ 10ක පමණ වැටුපක් ගෙවන නිසා අපේ හෙද හෙදියන් විශාල ප්‍රමාණයක් රට හැර යනවා.මේ තත්ත්වය මත ඉදිරියේදී මේ සේවාව ජනතාවට නිසි ලෙස ලබාදීමට නම් අලුතින් හෙද හෙදියන් බඳවා ගැනීම නොපමාව කළ යුතු බවද ඔහු පැවසීය.
සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් එස්.එච්.ප්‍රියන්ත කුමාර, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් රූපසිංහ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.