Saturday, April 19, 2025
Home » මීටර් 100ට නව ලෝක ශූරියක්

මීටර් 100ට නව ලෝක ශූරියක්

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ නව ලෝක ශූරිය බවට පත් වීමට අමෙරිකාවේ ෂාකැරී රිචඩ්සන් සමත් වූවාය. හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇය මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.65කින් නිමාවට පත් කරමින් රන් පදක්කමට හිමිකම් කීවාය. ඒ අනුව ඇය ලෝක කාන්තා මීටර් 100 තරග බිමේ වේගවත්ම තරගකාරිනියන් තිදෙනා අතරට එක් වූවාය.

ෂාකැරීගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වූ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේසර්ට එම තරගය අවසන් කිරීමට තත්පර 10.77ක් ගත වූ අතර, ඇයට ලෝකඩ පදක්කම හිමි විය. රිදී පදක්කමට හිමිකම් කියනු ලැබුවේ තත්පර 10.72කින් තරගය නිමා කළ ජැමෙයිකාවේ ශෙරිකා ජැක්සන් විසිනි. 23 හැවිරිදි ෂාකැරී තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවකට හසුවීමෙන් 2021 ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අහිමි වූ ක්‍රීඩිකාවකි. ඇය වසර 2017දී ටෝරි බෝවීගෙන් පසු මීටර් 100 ජාත්‍යන්තර තරග ඉසව්ව ජයගත් පළමු අමෙරිකානු ජාතික ක්‍රීඩිකාව ද වන්නීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT