අහංගම නාකන්ද ප්‍රදේශයේ විදේශික යුවළක් පදිංචිව සිටින නිෙවසකට ඊයේ (22) අලුයම කඩු රැගෙන ඇතුළුවූ තිදෙනෙකු මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
එංගලන්ත ජාතික යුවළක් මෙම නිවසේ පදිංචිව සිටින අතර, ඊයේ අලුයම එකත්, එකයි තිහත් අතර කාලයේ ඇණයක් දමා දොරඟුලු විවෘත කරගෙන කඩු රැගෙන නිවසට ඇතුළු වූ තිදෙෙනකු එම යුවළ බිය ගන්වා මුදල් රුපියල් 40000ක් ස්ටාර්ලිං පවුම් 20ක් රන්මාල දෙකක්, කරාබු හතරක් ඇතුළු දේපළ කොල්ලකා පලාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.