Monday, April 21, 2025
Home » අඟුරුවාතොට මව-දියණිය ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී එල්ලී මරුට

අඟුරුවාතොට මව-දියණිය ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී එල්ලී මරුට

by mahesh
August 23, 2023 1:05 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොළහක් වයසැති ඇයගේ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුදහමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ (22) පස්වරුවේ බන්ධනාගාර වාට්ටුවක් තුල ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටී ඒ.ඒ.ඩී. ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වාසනා කුමාරී සහ මාස 11ක් වයසැති බිලිඳියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්දයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි. මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT