445
දැඩිගමුව සිරිදේවමිත්ත විදුහලේ දෙමළ භාෂා දිනය පසුගියදා දෙමළ සංස්කෘතිකාංගවලට මුල්තැන දෙමින් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. ජාතීන් අතර සංහිඳියාව හා සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් විදුහල්පතිනි සුනේත්‍රා හේමමාලි මහත්මියගේ සංකල්පයක් අනුව ආචාර්ය මණ්ඩලය, මවුපියන් හා සිසු දරුවන් එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරිණි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාර අධිකාරී ලසිත් නිලන්ත හා සහකාර අධිකාරී අරුණ පතිරගේ මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස මේ අවස්ථාවට එක්ව සිටියහ. මේ එහි අවස්ථා කිහිපයකි.