Saturday, April 19, 2025
Home » සෝජාන් ක්‍රමයට බෑග්වල වගා කළ බතල ප්‍රභේදවලින් නොසිතූ විරූ අස්වැන්නක්

සෝජාන් ක්‍රමයට බෑග්වල වගා කළ බතල ප්‍රභේදවලින් නොසිතූ විරූ අස්වැන්නක්

by mahesh
August 23, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ, නුගේගොඩ - සමීර අබේසිංහ

දිගුකලක් තිස්සේ වගා නොකොට පාළුවට ගොස් තිබූ පිළියන්දල, දම්පේ පාර, බොල්ගොඩ පහත්බිම් කිහිපයක ඉන්දුනීසියාවේ සෝජාන් ක්‍රමයට බෑග්වල වගා කළ අලුත් බතල ප්‍රභේදවලින් නොසිතූ විරූ ලෙස සරු අස්වැන්නක් ලැබී තිබේ.

මෙලෙස තමන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ සරු බතල අස්වැන්නක් ලැබූ සී/ස පැසිෆික් ඇග්‍රෝ සමාගම එම අස්වැන්නෙන් කොටසක් ප්‍රදේශවාසී ජනතාවට අවාරේ පවත්වන දන්සැලක් තුළින් බෙදාදීම ඉකුත්දා සිදු කැරිණි.

මේ වසර ආරම්භයේදී රට මුහුණ දුන් ආහාර අර්බුදයෙන් ගොඩඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත රජය ‘හරිත විප්ලවය’ නමින් ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කළේය. එයට සවියක් වෙමින් පැසිෆික් ඇග්‍රෝ සමාගම යෝජනා ක්‍රමයට පහත්බිම්වල මලු ආධාරයෙන් එළවළු, පලතුරු වගා කළ බව එම සමාගම පවසයි.

ඌන උපයෝගිතා වගා නොකළ පහත්බිම්වලින් අති සාර්ථක බතල අස්වැන්නක් ලැබීමත්, ඒවායින් ලාබ ලැබීමට වඩා පොදු ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමත් අරමුණුකොට මේ ව්‍යාපෘතිය ආරම්භ කළ බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව අතිරේක අස්වැන්න ප්‍රදේශවාසී ජනතාවට ආහාරය සඳහා තම්බා, ලුණුමිරිස් සහ කට්ටසම්බල හා පොල් සමඟ ආහාරයට ගැනීමට පිරිනමා තිබේ. මෙලෙස පාළු හා වගාව අතහැර දමා තිබූ පහත්බිම්වල වුව ආර්ථික වගා කටයුතු සිදු කිරීමට හැකි බව හා ඉන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව මේ ව්‍යාපෘතියෙන් රටට ආදර්ශයක් සපයා තිබේ.

‘සතුට’ ලබා ගත හැක්කේ රැස් කිරීමෙන් ‘නොව’ පිරිනැමීමෙන් බව ප්‍රකට කියමනක් තිබේ. ඒ අනුව යමින් තම සමාගම ද අවාරේ බතල දන්සැලක් පවත්වා මහත් සතුටක් ලැබූ බව ඔවුහු පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT