Monday, April 21, 2025
Home » යතුරුපැදි රේස් පැද්ද පස් දෙනාට දඩ හා පැය 200ක ප්‍රජා සේවය

යතුරුපැදි රේස් පැද්ද පස් දෙනාට දඩ හා පැය 200ක ප්‍රජා සේවය

by mahesh
August 23, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

මුහුණුපොත මඟින් සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරගයට යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ හැටදහසක (160,000)ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

ඊට අමතරව සැකකාර තරුණයන්ගේ රියැදුරු බලපත්‍ර මාස 6කට අත්හිටුවීමටත්, ප්‍රජා විශෝධන නිලධාරියා මාර්ගයෙන් පැය 200ක ප්‍රජා සේවයේ යෙදවීමටද ඊටත් අමතරව සියලු යතුරුපැදි ලියාපදිංචි අයිතිකරුවන් වෙත අධිකරණය මඟින් මුදාහරින ලෙස ද වැඩිදුරටත් නියෝග කළේය.

එම සැකකාර තරුණයන් කුඹුක සිට ගෝනපල දක්වා අපරීක්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණ.

අත්අඩංගුවට ගත් තරුණයන් කළුතර මොරන්තුඩුව හා හොරණ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක් තරුණයකුට රුපියල් 55000ක දඩ මුදලක් හා සෙසු තරුණයන් සිවු දෙනාට රුපියල් 25000ක හා 27500ක් බැගින් දඩ මුදල් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

පළමුවන සැකකරුට එරෙහිව අන්තරාදායක ලෙස යතුරුපැදි පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව ධාවනය කිරීම, පිටුපස අංක තහඩුව ප්‍රදර්ශනය නොකිරීම, ගෙවීගිය ටයර් සහිතව යතුරුපැදි ධාවනය, අනුමත පැති කණ්ණාඩි නොමැතිව ධාවනය කිරීම යන චෝදනා සහ සෙසු සැකකරුවන් සිවු දෙනාට අන්තරාදායක ලෙස යතුරුපැදි පැදවීම හා අනුමත පැති කණ්ණාඩි නොමැතිව ධාවනය යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මෙහිදී පළමුවන සැකකරුට කළුතර මෝටර් රථ පරීක්ෂක කාර්යාලයෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT