Home » කිලිනොච්චියේ විදුහල්පතිනියක් යතුරුපැදි අනතුරින් මරුට

කිලිනොච්චියේ විදුහල්පතිනියක් යතුරුපැදි අනතුරින් මරුට

by mahesh
August 23, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

කිලිනොච්චිය රාමනාතන්පුරම් විද්‍යාලයේ විදුහල්පතිනිය අනතුරකින් පෙරේදා (21) මියගොස් තිබේ.

එස්. ජීවරංජිනී නමැති මෙම විදුහල්පතිනිය දෙමළ විෂය ඉගැන්වීම සඳහා මුළු කිලිනොච්චියේම විශාල ප්‍රසිද්ධියක් උසුලන ගුරුවරියක වන අතර ඇය ‘ජීවා ටීචර්’ නමින් කා අතරත් ප්‍රසිද්ධ වූ ගුරුවරියකි.

ඇය සිය සැමියා සමඟ යතුරුපදියෙන් කිලිනොච්චිය වට්ටකච්චි දෙසට යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පමිණි මෝටර් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇත.

මෙම අනතුරෙන් ජීවා ටීචර් හා ඇගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ගුරුවරිය මියගොස් තිබේ.

ඇයගේ සැමියා තවමත් සිහිසුන්ව කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

කිලිනොච්චිය පොලිසිය විසින් අනතුර සිදු කළ මෝටර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT