Home » කැස්බෑවන් විශාල ලෙස මිය යෑම ගැන සැකයක්

කැස්බෑවන් විශාල ලෙස මිය යෑම ගැන සැකයක්

by yasara
August 23, 2023 12:13 pm 0 comment

casbewa

ගල්කිස්ස අල්විස් පාර කෙලවර වෙරලතීරයට අද (23)  දින උදෑසන දින ගනනකට පෙර මිය ගිය විශාල කැස්බෑ සිරුරක් ගොඩගසා තිබෙයි.

මෙම සිරුර හමුවන විටත් දැඩි ලෙස නරක්වී තිබූ බවත් , ඒ අනුව මීට දින කීපයකට පෙර ගැඹුරු මුහුදේ මියගොස් සිටියදී වාරගන් රල පහරට හසුවී ගොඩට එන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ වනවිට ඉකුත් 22 දිනත් ගාලුමුවදොරපිටිය , අවට 5 දෙදනක්ද , වැල්ලවත්ත 1ක්ද , දෙහිවල 1 ක්ද මෙලෙස මිය ගොස් ගොඩ ගසා හමුවී ඇති අතර , මේ සදහා ගැඹුරු මුහුදේ ජලයේ කිසියම් අසාත්මික තත්වයක් විය හැකි බවට සැකරන බවත් ගල්කිස්ස වෙරලතීරයටද කලු පැහැති තෙල් සහිත ද්‍රවනයක් වැලිතලාවට ගොඩ ගසා තිබීම සැක සහිත බවත් වාර්තා වෙයි.

ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා සිරුර අත්තිඩිය වනජීවි කාර්යාල ශීතාගාරය වෙත රුගෙන යාමට නියමිත අතර,  වැඩිදුර විමර්ශන කටයුතු අත්තිඩිය වනජීවී කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික් අඩවි වන ආරක්ෂක නීලධාරී සමන් ලියනගේ , ගල්කිස්ස පොලිස් පරිසර ඒකක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනු ලබයි.

cASSEEBEE

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT