Home » පුතාගේ ශිෂ්‍යත්වයට භාර වෙන්න අනුරාධපුර ගිය පියා මහකනදරාව වැවට බිලිවෙයි

පුතාගේ ශිෂ්‍යත්වයට භාර වෙන්න අනුරාධපුර ගිය පියා මහකනදරාව වැවට බිලිවෙයි

by yasara
August 23, 2023 10:45 am 0 comment

තම දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයට ජය ශ්‍රී මහ බෝ සමිදුගෙන් ආශිර්වාද ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණ මිහින්තලේ  මහකනදරාව වැවේ දිය නෑමට ගිය පියෙකු ඊයේ (22) සවස ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ  පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.ජී. සුනන්ද නිහාල් ඉරෝෂණ යන පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින බැවින්  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත භාරයක් සිදු කිරීම සදහා ඥාති පිරිසක් සමග ඊයේ උදෑසන අනුරාධපුරයට පැමිණ නැවත නිවස බලා යන අතර මගදී මිහින්තලයට පැමිණ මහකනදරාව වැවේ  දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ.

මරණකරු පිරිස සමග දිය නාමින් සිටියදී තමන්ට  පිහිනීමට හැකියාව තිබෙන බව පවසා මහකනදරාව වැව  මැදට පිහිනා ගොස්  පැරණි  දිරා ගිය ගහකට නැග ඉන් පහලට පැන ඇති අතර, නැවත දිය මතු පිටට නොපැමිණීම හේතුවෙන්   සියලු දෙනා කලබල වූ බවත් ඥාතීහු පැවසූහ.

පසුව මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් පැයකට පමණ ආසන්න කාලයකට පසුව එම පුද්ගලයාගේ සිරුර සොයා ගනු ලැබීය.

එම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම පුද්ගලයා , මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ දැලකට හසුව සිටියදී සොයා ගත් බවය.

ඉන් අනතුරුව  වන්දනා නඩයේ සිටි බීමත් පුද්ගලයෙකු තමන් පොලීසියේ අයි.පී. කෙනෙකු බවත්, මෙම පුවත වාර්තා කළ හොත් පහර දෙන බව මාධ්‍යවේදීන් හට  පවසමින් කලහාකාරී ලෙස කටයුතු කර තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT