36ක් මරුට
28කට තුවාලයි
මෙම වසර තුළ පමණක් රට පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 60ක් සිදුව ඇති බවත් එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 36 දෙනකු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඊයේ (22) සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම් 60න් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා ඇති බවත් වෙඩි තැබීම් හයකින් කිසිවකුටත් හානි සිදුව නැති බවත් නිහාල් තල්දූව මහතා පවසයි.
පුද්ගලික ආරවුල් ඇතුළු විවිධ හේතූන් නිසා මෙම වෙඩි තැබීම් සිදුව ඇතත් මෙයින් බොහෝමයක්ම සිදුව ඇත්තේ පාතාලය ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් විසින් තැබූ ඒවා බව ද නිහාල් තල්දූව මහතා පවසයි.
පෙර වර්ෂය හා සාපේක්ෂව සැසඳීමේදී මෙම වසර තුළද වෙඩි තැබීම්වල ලොකු වෙනසක් නැති බවද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.