Monday, April 21, 2025
Home » කිලිනොච්චි ළිඳක පුපුරන ද්‍රව්‍ය ගොඩගනිද්දී කොස්තාපල්වරයකුගේ හැඳුනුම්පතක්

කිලිනොච්චි ළිඳක පුපුරන ද්‍රව්‍ය ගොඩගනිද්දී කොස්තාපල්වරයකුගේ හැඳුනුම්පතක්

by mahesh
August 23, 2023 12:57 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කිලිනොච්චිය උරුත්තුපුරම් හි පිහිටි ඉඩමක ඇති ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් විශාල ප්‍රමාණයක් පෙරේදා (21) ගොඩ ගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරයි.

මෙම ඉඩම බලා ගන්නා පුද්ගලයා විසින් ළිඳ පිරිසිදු කිරීමට යාමේදී එහි ඇති පතරොම් හා පුපුරන ද්‍රව්‍ය දැක ඒ ගැන පොලිසිය දැනුම්වත් කර ඇති බවත් ඒ අනුව එම පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගත් බවත් කිලිනොච්චිය පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගොඩ ගනු ලැබූ එම පුපුරන ද්‍රව්‍ය හා පතරොම් වර්ග කිරීම්වලට අනුව මෙහි එම්.පී.එම්.ජී. වර්ගයේ පතරොම් 1040ක්, ටී 56 අවිවලට යොදන පතරොම් 10005ක්, බෝර 12 පතරොම් 40ක්, ටී 56 පතරොම් බහාලන කොපු 37ක්, ඩෙටනේටර් 85ක්, අත්බෝම්බ 14ක්, බයිනෝ 01ක්, පැරා 05ක්, ලැරා පියුස් 05ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය හා උපකරණ රැසක් එහි තිබෙන බව පොලිසිය කියයි.

මෙම පුපුරන ද්‍රව්‍ය හා පතරොම් අතර පොලිස් හැඳුනුම්පතක පොලිතින් ආවරණය සහිත කොටසක්ද හමුවී ඇත. ජයරත්න නමැති කොස්තාපල්වරයකුට එම පොලිස් හැඳුනුම්පත අයත් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඒ ගැන විමර්ශනය කිරීමේදී මෙම පොලිස් නිලධාරියා මේ වන විට හබරණ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින බව අනාවරණය වී ඇත. 2009 වසරේදී මෙම හැඳුනුම්පත අස්ථානගතව ඇති බවට ඔහු පැමිණිල්ලක්ද කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT