313
ලංකා ඉන්දියානු තෙල් සමාගමට (ioc) අයත් තෙල් ටැංකි සංකීර්ණයේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි දෙකක් අතර, තිබී අත්බෝම්බ දෙකක් පෙරේදා (21) සොයා ගනු ලැබූ බව චීන වරාය පොලිසිය කියයි.
මින් එක් අත්බෝම්බයක් අක්‍රිය තත්ත්වයේ ඇති අතර, එම ටැංකි අතර කැලය එළි පෙහෙළි කිරීමේදී කම්කම්කරුවන් පිරිසක් මෙය දැක පසුව පොලිසියට දැනුම් දී තිබේ. අංක 68 හා 69 යන තෙල් ටැංකි දෙක අතර ආරක්ෂිත බැම්ම අසල මෙම බෝම්බ තිබී හමුව ඇත.
චීන වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එස්. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දී නිෂ්ක්‍රිය කිරීමට නියමිතය.