401
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (21) ආරම්භ වූ අතර, පළමු පූජාවට බැතිමතුන් ලක්ෂයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
නල්ලූර් කන්දසාමී කෝවිල වෙනුවෙන් විවිධ හේතූන් මත බාරහාර වූ බැතිමතුන් විශාල පිරිසක් පළමු පූජාවට සහභාගි වූ අතර, ඔවුන් සිය බාරහාරද ඔප්පු කරනු ලැබීය.
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇති අතර, විශේෂිත කැමරා 28කින් නල්ලූර් කෝවිල් භූමියම ආවරණය කර තිබේ.
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා යාපනය නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකය.