මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ශීඝ්‍රයෙන් පහළයෑම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගම්මාන නැවත මතුවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මොරගහකන්ද ජලාශයේ ජලය පිරීමත් සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී ගියේය. ඒ අනුව මේ දිනවල ඒ ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර, ඇළහැර-හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැක ගැනීමට හැකි වී තිබේ. ජලයෙන් යට වී ගිය කොන්ගහවෙල රෝහල ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත දැක ගැනීමට හැකි වී තිබේ.
මේ සිඳීගිය මොරගහකන්ද වැවේ වන අලින් රංචු රැසක් ද කුළු මී හරක් රැසක්ද මේ දිනවල දැක ගැනීමට හැකිවීම විශේෂත්වයකි. අඹන් ගඟ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර, මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගඟ ද දර්ශනය වෙයි. අවට ප්‍රදේශවල ජනතාව මොරගහකන්ද ජලාශය සිඳීගිය පසු අඹන්ගඟේ දිය නෑමට ද පැමිණීම විශේෂත්වයකි. ඔවුන් පෙර මතකය අලුත් කරමින් අදට ද කම්පා වෙති.