Home » වගා බිම් අක්කර 46,904ක් නියඟයෙන් විනාශ වෙලා

වගා බිම් අක්කර 46,904ක් නියඟයෙන් විනාශ වෙලා

by mahesh
August 23, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

– වාර්තාවක් ඇමැති අතට
– තවමත් වැඩිම හානිය කුරුණෑගලට

නියඟය හේතුවෙන් වගා හානි වූ අක්කර ප්‍රමාණය මේ වන විට අක්කර 46,904ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (22) ලබා දුන් දෛනික වාර්තාවේ සඳහන් වේ.එමෙන්ම වගා හානිවලට ගොදුරුව සිටින ගොවීන් ප්‍රමාණය 41,402කි.

පෙරේදා(21) වන විට මේ තත්ත්වය වාර්තා වී ඇති අතර එදින වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානියට ලක්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 23,286කි. හානියට පත් ගොවීන් ප්‍රමාණය 27,904 දක්වා ඉහළ ගොස් ඇත.පෙරේදා (21) වන විට දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවලව කලාපයෙන් වාර්තා වන අතර එය අක්කර 14,667.5කි. වගා හානියට ලක් වූ ගොවීන් ප්‍රමාණය 5867කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT