Sunday, April 20, 2025
Home » ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු විධිමත් කිරීමට හා සොයා බැලීමට කමිටුවක්

ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු විධිමත් කිරීමට හා සොයා බැලීමට කමිටුවක්

by mahesh
August 23, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු විධිමත් කිරීම හා සොයා බැලීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

මාස දෙකකදී ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඒ සඳහා පත් කෙරෙන කමිටුව විසින් ඇමැතිවරයා වෙත දිය යුතු වේ. එම වාර්තාව අනුව ආර්ථික මධ්‍යස්ථානවල කළ යුතු වෙනස්කම් සම්බන්ධව කෘෂිකර්ම ඇමැතිවරයා පියවර ගනු ඇත.

ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන විට අපේක්ෂිත පර්මාර්ථය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා කියයි.ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ යහපත් චේතනාවකින් වන අතර, ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමේ අරමුණින් වූ නමුත් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ හා ඉන් ලාභ ලබන්නේ’ නාඩිකාරයන්’ ලෙස හඳුන්වන වෙනත් අතරමැදි පිරිසක් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. ආර්ථික මධ්‍යස්ථානවලින් මේ තත්ත්වය ඉවත් කළ යුතු බවද අමරවීර මහතා කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT