ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු විධිමත් කිරීම හා සොයා බැලීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
මාස දෙකකදී ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඒ සඳහා පත් කෙරෙන කමිටුව විසින් ඇමැතිවරයා වෙත දිය යුතු වේ. එම වාර්තාව අනුව ආර්ථික මධ්‍යස්ථානවල කළ යුතු වෙනස්කම් සම්බන්ධව කෘෂිකර්ම ඇමැතිවරයා පියවර ගනු ඇත.
ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන විට අපේක්ෂිත පර්මාර්ථය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා කියයි.ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ යහපත් චේතනාවකින් වන අතර, ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමේ අරමුණින් වූ නමුත් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ හා ඉන් ලාභ ලබන්නේ’ නාඩිකාරයන්’ ලෙස හඳුන්වන වෙනත් අතරමැදි පිරිසක් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. ආර්ථික මධ්‍යස්ථානවලින් මේ තත්ත්වය ඉවත් කළ යුතු බවද අමරවීර මහතා කියයි.