Home » ගාල්ල බන්ධනාගාරයේ රෝගී තත්ත්වය පාලනය කරයි

ගාල්ල බන්ධනාගාරයේ රෝගී තත්ත්වය පාලනය කරයි

by chanaka
August 23, 2023 12:06 pm 0 comment

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් අතර පැතිරයමින් තිබූ රෝගී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ එම් සෝමරත්න මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැති බව ඒ මහතා කියා සිටියි.

මෙනින්ගොකොකල් (meningococcal)නමැති බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යාම හේතුවෙන් එහි රැඳවියන් මරණයට සහ අසනීප තත්ත්වයට පත්වන්නට ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ගාල්ල බන්ධනාගාරය රැඳවියන් කිහිප දෙනෙකුට ඇතිවී ඇති රෝගී තත්වය නිසා එහි කටයුතු සති 02ක (දින 14ක්) කාලයක් සීමා කිරීමට බන්දනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළේය.

ඒ අනුව අධිකරණ කටයුතු වීඩියෝ තක්ෂ්නය ඔස්සේ සිදු කිරීමට අධිකරණ සමග සාකච්ඡා කරන අතර , අමුත්තන් පෙන්වීමද සීමා කිරීමට සීමා කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT