Sunday, April 20, 2025
Home » 19න් පහළ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 20ක්

19න් පහළ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 20ක්

by thanushika
August 22, 2023 9:10 am 0 comment

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය – පළමු කොටස ටියර් ‘ඒ’යටතේ කණ්ඩායම් 20ක් කාණ්ඩ 2කින් ලීග් ක්‍රමයට තරග වදිති. පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 9ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන ඒ ඒ කාණ්ඩයෙන් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති. තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) ඔක්තෝබර් 10 වැනිදා අවසන් කෙරෙන අතර, අවසන් වටය ඔක්තෝබර් 14 වැනිදා ආරම්භ වේ. අවසන් මහා තරගය ඔක්තෝබර් 25 හෝ ඊට පෙර පැවැත්වේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගිය තරග වාරයේ ශූරයන් වූ අතර අනුශූරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමි විය.
එක්ස් කාණ්ඩය – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ මලියදේව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, කඳාන දි මැසිනෝද් විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය
වයි කාණ්ඩය – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය
19න් පහළ අන්තර් පාසල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ටියර් ‘බී’තරගාවලියට කණ්ඩායම් 18ක් කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට පළමු වටයේදී තරග වදිති. පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 8ක් බැගින් හිමිවන අතර, පළමු වටයේදී දස්කම් දක්වන ඒ ඒ කාණ්ඩයෙන් කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.
තරගාවලියේ පළමු වටය (ලීග් අදියර) ඔක්තෝබර් 10 වැනිදා අවසන් කෙරෙන අතර, අවසන් වටය ඔක්තෝබර් 14 වැනිදා ආරම්භ වේ. අවසන් මහා තරගය ඔක්තෝබර් 22 හෝ ඊට පෙර පැවැත්වේ.
එක්ස් කාණ්ඩය – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කළුතර සිරිකුරුස විද්‍යාලය
වයි කාණ්ඩය – කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, මොරටු විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ඉෂාණි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT