Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

දකුණු ආසියානු මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන්

by thanushika
August 22, 2023 9:00 am 0 comment

නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර්හි පැවති දකුණු ආසියානු අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාණ්ඩ ද්විත්වයේදීම මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව සමඟ සත්කාරක නේපාලය, බංග්ලාදේශය, භූතානය, පාකිස්තානය සහ මාලදිවයින තරග වැදුණු මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ අවසන් තරගයේදී තරග වට 3-0කින් නේපාලය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. අවුරුදු 17න් පහළ අවසන් තරගයේදී තරග වට 3-2කින් බංග්ලාදේශය පරාජය කළේය. අවුරුදු 17න් පහළ තරග අංශයට රනිත්මා ලියනගේ, හිරුක සහන්මිත් අලුත් පටබැඳිගේ, රනුමි මානගේ සහ තිඩස වේරගොඩ එක් වූ අතර, සෙනුත් සෙත්මිණ පෙරේරා, නෙත්මි අමායා රත්නායක, කෙනෙත් අරුක්ගොඩ සහ සිතුලි රණසිංහ අවුරුදු 15න් පහළ තරග අංශය නියෝජනය කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT