මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයේදී එංගලන්තය පරාජය කොට ස්පාඤ්ඤය වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළ ඔල්ගා කාර්මෝනා තරගයෙන් පසු කුසලානය සිප ගනිද්දී සිය පියා මිය ගිය පුවත දැන ගැනීමෙන් හඩා වැලපෙන්නට වූවාය. 23 හැවිරිදි කාර්මෝනාගේ පියා දිගු කලක් රෝගාතුරව සිටි අතර, කාන්තා ලෝක කුසලාන අවසන් තරගය දා මිය ගියේය.
“තාත්තේ මම දන්නවා ඔබ අද රාත්‍රියේ මා දෙස බලා සිටින බව. ඔබ මා ගැන ආඩම්බර වන බවත් මා දන්නවා. සාමදානයේ ඉන්න තාත්තේ” කර්මෝනා සමාජ මාධ්‍යවල සටහනක් තැබීය. කාර්මෝනාගේ පණිවිඩය සමඟ පදක්කම සිප ගන්නා පින්තූරය ද ඇතුළත් කළාය.
ස්පාඤ්ඤ පාපන්දු සංගමය “ඔල්ගා කාර්මෝනාගේ පියාගේ මරණය නිවේදනය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කළේය. “අපි ඔබට ආදරෙයි, ඔල්ගා, ඔබ ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයයි” ස්පාඤ්ඤ පාපන්දු නිවේදනයේ දැක්වේ.
395
කලින් පුවත