ඊයේ (21)රාත්‍රී 9.40 ට පමණ රත්මලාන දුම්රියපොළ ඉදිරිපිටදී නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
රත්මලාන දුම්රියපල ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුම්රියපල අසල පිහිටි කුකුල් මස් අලෙවිසැලේ සේවය කරනු ලැබූ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් පමණ වන අනුර නොහොත් (කලුවා) නැමති පුද්ගලයාට වෙඩි තබා පලාගොස් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානය පවසයි.
මරණකරුගේ හිස ප්‍රදේශයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණ පරීක්ෂණය සදහා මෘතදේහය කලුබෝවිල රෝගයට රැගෙන ගොස් ඇති බව පොලිසිය විසින් පවසා ඇත.
සැකකරුවන් කවුරුන් ද යන්න අනාවරණය කර අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට විමර්ශන පවත්වන බව ගල්කිස්ස පොලිස් ස්ථානය පවසයි.