මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇත.
ඊයේ (20)පස්වරු 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගර මධ්‍යයේදිය.
නුවරඑලිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති මොටර් රථය ඉදිරියෙන් එම දිශාවට ධාවනය කල බවුසර් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි හැටන් සිට තලවකැලේ දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසිය.
අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, මොටර් රථයේ රියදුරා දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සති කිහිපය තුල හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පොලිස් වසමේ රිය අනතුර ගණනාවක් සිදු වු අතර , එම අනතුරට හේතුව වි ඇත්තේ වාහන වල අධික වේගය සහ අපරික්ෂාකාරි රිය ධාවනය බවයි දිඹුල පතන පොලිසියේ නිලධාරින් කියා සිටියේය.