ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙයි.
ජනපති සමග 10 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද එක් වී ඇත.
ඔවුන් අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක , දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එක් වී සිටියහ .
මෙම පිරිස 08/21 දින අලුයම 12.50 ට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන් තොටුපොළ බලා සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.