කූඨ හැදුනුම්පත්,විදුලි බිල්පත් සහ රියදුරු බලපත් සකස්කර කුලීගෙවීමේ පදනම මත වාහන ලබාගෙන ඒවාටද ව්‍යාජ ලේකන සකස් කොට වාහන ජාවාරම් කරන කණ්ඩායමක ගුරුවරියක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
දඹුල්ල,පොළොන්නරුව සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42,37 සහ 36 වියැති තිදෙනෙකු බව පොලිසිය කීය.
පානදුර ප්‍රදේශයේ වාහන කුලියට ලබාදුන් ව්‍යාපාරිකයෙක් විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෝටර් රථ දෙකක්,ව්‍යාජ හැදුනුම්පත්, රියදුරු බලපත් විදුලි බිල්පත්,පැවරුම් සහතික සහ වාහන හිමිකම් පොත් සොයාගත් බවද පොලිසිය කීය.
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දිවයින පුරා මෙසේ වංචා කරමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් වාහන දෙකක් ගම්පහ පොලිසිය විසින් සොයාගෙන ඇති බවද සදහන් වේ.
ප්‍රධාන සැකකරු වාහන ලබාගෙන ඒවායේ ජීපීඑස් යන්ත්‍ර ගලවා තවත් සැකකරුවෙකු සමග එක්ව පැය 72 ක වැනි කාලයකදී ව්‍යාජ ලෙස හිමිකම් පත්‍රය සකස්කර සහන මිලට අලෙවි කිරීම කලක පටන් සිදුකර ඇති බවත් පොලිසිය කීය.
වාහනයේ සත්‍ය හිමිකරු කාන්තාවක වුවහොත් අත්අඩංගුවේ පසුවන ගුරුවරියගේ නමින් ව්‍යාජ හිමිකම් සහිතක සකස් කිරීම සිදුකර ඇති බවද පොලිසිය කීය.පානදුර ප්‍රදේශයේ වාහනය ලබාගැනීම සදහා එහි පදිංචි බවට ලියකියවිලි ඉදිරිපත් කර ඇතත්,විදුලි බිල්පත උතුර මැද පළාතට අයත් ව්‍යාජ විදුලි බිල්පතක් බවට හෙලිව ඇති බවද පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක සුරංග රණවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන රවීන්ද්‍ර (869),අනුර (27061) සහ කොස්තාපල් ප්‍රසාද් (54582) වැටලීමට එක්වූහ.
පොතුපිටිය-සුමිත් ප්‍රේමතිලක,බණ්ඩාරගම-බිමල් ජයසිංහ