Sunday, April 20, 2025
Home » අතීත මතක සිහි කරමින්…

අතීත මතක සිහි කරමින්…

by sachintha
August 21, 2023 4:22 am 0 comment

නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2012 වසරේ විපක්ෂ නායකයාව සිටි කාලයේ ඉතාලියේ රෝම නගරයේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වූ අතර, එහිදී මාස 04ක දරුවකු සමඟ ගන්නා ලද ඡායාරූපයක් මේ උත්සවයේදී අනුලා විද්‍යාලයේ විදුහල්පති වයෝනි විශාකා රාජපක්ෂ මහත්මිය විසින් පෙන්වන ලදී.
මේ දරුවා මේ වන විට නුගේගොඩ අනුලා විද්‍යාලයේ 06 වන වසරේ ඉගෙනුම ලබන සතුර්නි හිමායා මීපාගල දියණියයි. ඇය සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ උත්සවයේදී සුහද කතාබහක නිරත වූ බව ද ඇයගේ මව්පියන් වන නර්මදා රණසිංහ සහ දිනේෂ් රොහාන් මීපාගල පැවැසූහ.
ඡායාරූපය – සුලෝචන ගමගේ
උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT