ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරනු ලබන 47 වන ජාතික ක්‍රීඩා තරගාවලිය මේ මස 24 සිට 26 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොරෝනා වසංගතය හා පැවති අර්බුද හේතුවෙන් වසර 3කට පසු ජාතික ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වීම විශේෂත්වයකි. මෙයට පෙර ජාතික මහා ක්‍රීඩා උලෙළ ලෙසින් මෙය හැඳින්වුවද, මේ වසරේ සිට මෙය ජාතික ක්‍රීඩා තරගාවලිය ලෙසින් නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
සුගතදාස ක්‍රීඩාංගණයේදී මලල ක්‍රීඩා ඉසව්වල අවසන් තරග පැවැත්වෙන අතර, අනෙකුත් ක්‍රීඩාවල පළාත් ජයග්‍රාහකයන්ට තරගාවලියේ අවසන් දිනයේදී ජය සංකේත ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙතෙක් පැවති ක්‍රීඩා තරග ප්‍රතිඵල අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටින අතර, මධ්‍යම පළාත දෙවැනි තැන සිටී. බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 100ක්, රිදී පදක්කම් 63ක් හා ලෝකඩ පදක්කම් 79ක් දිනා ඇති අතර, මධ්‍යම පළාත රන් පදක්කම් 35ක්, රිදී පදක්කම් 38ක් හා ලෝකඩ පදක්කම් 46ක් දිනා ඇත.