Home » ලීග් රග්බි කිරුළ කාටද ? තීරණය හෙට

ලීග් රග්බි කිරුළ කාටද ? තීරණය හෙට

by mahesh
August 18, 2023 12:55 am 0 comment

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් තෝරා ගන්නා තීරණාත්මක තරගය ඉසිපතන විදුහල් පිල සහ සාන්ත පීතර විදුහල් පිල අතර හෙට (19) පස්වරුවේ සාන්ත පීතර විදුහල් පිටියේදී පැවැත්වේ. මෙවර ලීග් තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙක අතර සිටි ඉසිපතන විදුහල් පිල කුසලානය දිනාගනු ඇතැයි අනාවැකි පළ වූවද, පසුගිය සතියේදී කුසලාන වටයේ පළමු තරගයෙන් රාජකීය විදුහල් පිල හමුවේ පරාජයට පත්වීමත් සමඟ ඉසිපතන විදුහලේ අපරාජිතභාවය බිඳ වැටිණි.

ඒ අනුව තරගාවලියේ එකම අපරාජිත පිල බවට පත්වී සිටින සාන්ත පීතර විදුහල් පිල කුසලානයේ බලාපොරොත්තු ඉහළ නංවාගෙන සිටි. කෙසේ වුවද පාසල් රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායම ලෙස සැලකෙන ඉසිපතනය හමුවේ කුසලානය දිනා ගැනීම සාන්ත පීතර විදුහල් පිලට දැඩි අභියෝගයක් වනු නිසැකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT