Monday, April 21, 2025
Home » හෝමාගම කම්හල් දෙකක් ගින්නෙන් විනාශයි

හෝමාගම කම්හල් දෙකක් ගින්නෙන් විනාශයි

by mahesh
August 18, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බිමල් ජයසිංහ උපාලි කරුණාරත්න

– රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීම නිසා නිවීමට දැඩි පරිශ්‍රමයක්
– කෝට්ටෙන් රථ 4ක් කොළඹින් 7 යයි

හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා දෙකක ඊයේ රාත්‍රී 17 හදිසි ගින්නක් හටගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. රෙදිපිළි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්න තවත් තීන්ත කර්මාන්ත කර්මාන්තශාලාවක් තෙක් පැතිර යාමෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 4ක්ද කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 7ක්ද පැමිණ එම නිලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණි. කර්මාන්තශාලා දෙකේම රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද දක්නට ලැබිණි.

එම ස්ථානය කරා යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පොලිසියට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT