හිටපු හමුදා සෙබළිය නාන විට ඇඟ පසඟ බලන්නට එබිකම් කරන්නට ගිය හමුදා සෙබළෙක් එම පවුලේ අය විසින් අල්ලා ගස් බැඳ පෙරේදා (16) සවස් යාමයේ පොලිසියට භාරදුන් බව තලමල්ගම පොලිසිය කියයි.
මෙම තැනැත්තිය තම නිෙවසේ පිටුපස පෙරේදා (16) සවස් යාමයේ නාන සීමාවේ රැඳී දිය නාමින් සිටින විට යම් ශබ්දයක් ඇසී ඒ දෙස බලනා විට මෙකී සැකකරු සැඟවී බලා සිටින අයුරු දැක බිය වී කෑ ගැසීමේ දී එම නිෙවසේ සිටි අය එක්ව සැකකරු අල්ලා එම සීමාවේම ගස් බැඳ පොලිසිය දැනුම්වත් කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කාලයක සිට මෙම විවාහක කාන්තාවගේ ආදරය ඉල්ලා සිටින නමුත් ඇය ඔහුට අකමැති බව පවසා සිටියදීත් මෙලෙස ආදරය ඉල්ලා එබිකම් කරන්නට පවා පැමිණ ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
විවාහක 24 වැනි වියේ පසුවන කාන්තාව හමුදාව හැර ගොස් සිටින බවත්, අවිවාහක අවුරුදු 40ක් පමණ වයසැති සැකකරු දැනට යුද හමුදාවේ සේවයේ නියැළී සිටින අයෙකු බවත් පොලිසිය පවසයි. සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.