කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් පැතිර ගිය ගින්නකින් හේරත්ගම වනජීවි කාර්යාල සීමාවේ පිහිටි දඹේ වැව් පිටියට ගිනි ඇවිළී යාමෙන් වැව් පිටියේ තිබූ වසර 100 – 150ත් අතර පැරණි රූස්ස කුඹුක් ගස් රැසක් පිළිස්සී විනාශ වී ඇත. පෙරේදා (16) පැතිර ගිය ගින්න නිවා දැමීමට පොල්පිතිගම පොලිසිය හා ප්‍රදේශවාසින් දැඩි උත්සහායක් ගත්තත් එය මැඬ පැවැත්වීමට නොහැකි වූ බව පොල්පිතිගම පොලිසිය කියයි. ගින්න පැතිර යාමෙන් වැව් පිටිය සම්පුර්ණයෙන්ම දැවී යාමෙන් වන සතුන්ට උලා කෑමට තිබූ තණ බිමි පවා විනාශ වී තිබේ. බිමට පතිත වී තිබු කුඹුක් ගස් සියල්ලම පිළිස්සී අළු වී ඇත. ගිනි ගත් රූස්ස කුඹුක් ගස් 10ක් පමණ ඊයේ (17) සවස් වනවිටත් ගිනි ගනිමින් තිබෙන අයුරු දක්නට ලැබුණි.
පොල්පිතිගම, දඹේ වැව් පිටියට ගිනි තබයි
වසර 100 - 150ක් පැරණි රූස්ස කුඹුක් ගස් රැසක් පිලිස්සිලා
by mahesh
August 18, 2023 1:00 am
0 comment
පොල්පිතිගම - නන්දන කැලේගම
255
කලින් පුවත
වසරකට සංචාරකයන් ලක්ෂ 50ක්
මීලඟ පුවත