2023 වර්ෂය සඳහා හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයේ (ජාතික පාසල) ශිෂ්‍ය නායක නායිකාවන් 90 දෙනෙකුට ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවීම, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් පේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) විදුහල් ශාලාවේදී සිදු කෙරුණි.
මෙහිදී මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව, ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණි.
මෙහිදී විදුහලේ නව ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් කේ. පී. තරිඳු සඳරුවන් සිසුවා ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස එම්. කේ.යෂානි පාරින්ද්‍යා මිරියගල්ල සිසුවිය ද උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ආර්. ඒ. සෙනුර දිමන්ත රණතුංග සිසුවා ද උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඒ. එච්. ශශිකලා සත්සරණි ගුණවර්ධන සිසුවිය ද තෝරා පත් කරගෙන ඇත.
මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා, උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා යන අයවළුන්ට නිල ලාංඡන පැලඳවීම ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණු අතර, අනෙකුත් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම ඔවුන්ගේ මවුපියන් විසින් සිදු කළහ.
ඉන් අනතුරුව සිසුන් දිවුරුම්දීමත්, මවුපියන් නැමැදීමත් සිදු කෙරුණි.
එම අවස්ථාවට විදුහලේ ආචාර්යවරුන් වන හගුන්නාවේ මහින්ද හිමියන් ද, බෙරන්නාවේ ධම්මතිලක හිමියන් ද වැඩම කර සිටි අතර, හෝමාගම අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් ප්‍රේමසිරි, සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුෂාරි ගුණවර්ධන, විදුහල්පති ඩී. එන්. පී. නිසාජ් බාලසූරිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ආර්. එන්.රණතුංග, ජී. කේ. දිනූෂා කොතලාවල, සහකාර විදුහල්පතිවරුන් වන එස්. එන්. වැලිවිට, ජී. එන්. ජයරත්න යන මහත්ම මහත්මීන්, සිසු දරු දැරියෝ ද ඔවුන්ගේ මවුපියෝද සහභාගි වූහ.