Home » පොලිස් සැරයන්ගේ යතුරුපැදිය හප්පා ලොරිය පලා ගිහින්

පොලිස් සැරයන්ගේ යතුරුපැදිය හප්පා ලොරිය පලා ගිහින්

සැරයන් මරුට

by mahesh
August 18, 2023 1:00 am 0 comment

මීගොඩ බී.කේ කත්‍රි ආරච්චි බණ්ඩාරගම බිමල් ජයසිංහ

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ශ්‍රි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය අසල පාලම මතදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් (17) දින සවස සිදු වූ අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.

මියගිය පොලිස් නිලධාරියා නිල ඇදුමින්ම යතුරු පැදියෙන් මිරිහාන සිට ඉංගිරිය දෙසට යමින් සිටියදී පිටුපසින් පැමිණි ලොරි රථය යතුරු පැදිය හප්පා පලා ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා ඉංගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාස කිහිපයකට පෙර උපන් දරුවාට අසනීප බවට ලද තොරතුරක් මත සිය බිරියගේ නිවස පිහිටි කලවාන දක්වා යාමට යන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර ගොනාගොල්ල ගලපිටගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතුරැගිරිය පොලිසියට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියෙකු වන කසුන් දර්ශන චතුරංග (35) නැමැති පොලිස් සැරයන්වරයෙකි.

මිය ගිය නිලධාරියා හප්පා පලා ගිය කුකුල් ගොවිපලකට අයක් බව කියන ලොරිරථය හදුනා ගෙන ඇති බවත් එය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඉංගිරිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT